Group presentation -History of Insurance in sri lanka
Posted by Unknown
Posted on 5:33 PM
with No comments
තිරසර සංවර්ධනය - Sustainable Development
Posted by Unknown
Posted on 3:13 AM
with No comments
තිරසර සංවර්ධනය
ඌණ සංවර්ධනය හා අධි සංවර්ධනය යන අන්ත දෙකම පාරිසරික හානි වර්ධනය කරයි.
මෙතෙක් අනුගමනය කල සංවර්ධන ආකෘතිය තුල පරිසරය පිළිබදව වැඩි අවධානයක් යොමු නොකිරීම
නිසා මිනිසා විශාල වශයෙන් ඉන් පීඩාවට පත් වීමත්, මෙතෙක් අනුගමනය කල සංවර්ධන
ආකෘතියේ ස්ථාවර වු අවසානයක් නොමැති වීමත් හදුනා ගැනීමට විද්වතුන්ට හැකියාව ලැබුනි.
ස්වභාවික සම්පත් සීඝ්‍රයෙන් පරිභෝජනය කිරීම හේතුවෙන් අනාගත පරපුර සදහා සම්පත් හිගවීමේ
අවධානමට මුහුණ දීමට සිදුවන ආකාරය හදුනාගත හැකි විය. එසේම පවතින සංවර්ධන ආකෘතිය
අනුව සම්පත් පාරිභෝජනයේ අතුරුඵලයක් වන අපද්‍රව්‍ය මගින් පරිසරයේ දරාගැනීමේ හැකියාව
ඉක්මවා යන අකාරයක්ද හදුනාගත හැකි විය. මේ නිසා පවතින සංවර්ධන ආකෘතිය ගැටලු සහගත
බවත් නව සංවර්ධන ආකෘතියක අවශ්‍යතාවන් නොයෙක් ආයතන විද්වතුන් විසින් පෙන්වා දෙනු
ලැබීය.
මේ වන විට සංවර්ධනය පිළිබද ප්‍රතිවිරුද්ධ වු චින්තන ධාරාවක් දෙකක් ක්‍රියාත්මක විය. එනම්,
මානව කේන්ද්‍රගත හා භාණ්ඩමය වු භෞතික සංවර්ධනය පිළිබද
චින්තන ධාරාව හා
ජෛව කේන්ද්‍රගත පරිසර සංරක්ෂණය පිළිබද චින්තන ධාරාව
වෙන වෙනම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වු චින්තන ලෙස පැවතුනි.
ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යොමු වු මෙම චින්තන ධාරාවන් දෙක එක් මගකට යොමු කිරීම, ඒක
කේන්ද්‍රගත කිරීමේ අවශ්‍යතාව යන යථාවබෝධය තිරසර සංවර්ධන සංකල්පයේ බීජාංකුරය
බිහිවීමේ නිමිත්ත විය. අනිවාර්යයෙන් වියයුතු ආර්ථික වර්ධනයත්,
පරිසරයේ තිබියයුතු තිරසර බවත් යන දෙකෙහි අත්‍යාවශ්‍යවු ඒකාබද්ධ කිරීමක් තිරසර
සංවර්ධන සංකල්පයේ කේන්ද්‍රයේම පවතින්නකි. ආර්ථික සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය එකිනෙකින්
පෝෂණය වන තත්ත්වයක් ඇතිකල යුතු බවත්, ඒ
සදහා ලෝකය පුරාම රැඩිකල් වෙනසක් ඇතිකල යුතු බවත් අවධාරණය විය. මේ සදහා තිරසර
සංවර්ධන සංකල්පය භාවිතාකරන්නට පෙළබවීමට ලොව විද්වතුන් උත්සාහ ගන්නා ලදී. මෙම
සංකල්පය තුලින් පැරණි සංවර්ධන ආකෘතියේ අඩුලුහුඩුකම් මග හරවා ගනිමින් පරිසරය ගැන
විශේෂ අවධානයක් දක්වමින් සාමානාත්මකතාව සහ ඉදිරි පරපුර ගැන අවධානයෙන් යුතුව
සංකල්පය නිර්මානය කර ඇත.
පරිසරය සංවර්ධනය කිරීමේ ලෝක සංවිධානය දක්වන ආකාරයට තිරසර
සංවර්ධයේ මුලික අරමුණ වන්නේ මුලික මිනිස් අවශ්‍යතාවයන් තෘප්ත කිරීමත් ඔවුන්ගේ
ජීවිත වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමත්, පරිසරය
ආරක්ෂා කිරීමත් සමගම නිෂ්පාදන වර්ධනය කිරීමත්ය.
එලියම් ජැනිෆර් (1994) දක්වන ආකාරයට රටක තිරසර
සංවර්ධනයක් ඇති කිරීමේදී මුලිකාංග කීපයක් තිබිය යුතු බව දක්වයි. ඒවා නම්
01. ආර්ථික
සංවර්ධන ක්‍රියාවලියට ජනතාවගේ සහභාගීත්වය ලබා ගැනීම
02. එම ආර්ථික පද්ධතිය රටෙහි අයහපත් ප්‍රතිඵල ඇති
කරන්නක් නොවිය යුතුය.
03. පරිසරය ආරක්ෂා කිරීමේ පදනම මත සකස් වු නිශ්පාදන
පද්ධතියක් තිබීම.
04. පරිසරය ආරක්ෂා වන ක්‍රමයේ තාක්ෂණ පද්ධතියක් තිබීම
05. නම්‍යශීලී තීරණ ගැනීමේ පරිපාලන පද්ධතියක් තිබීම
පියර්ස් සහ සගයන්ගේ අධ්‍යයනයට අනුව පෙන්වා දෙන්නේ තිරසාර
සංවර්ධන සංකල්පය වත්මත් සංවර්ධන ආකෘතියේ නවීකරණයක් බවයි. එසේම බෘන්ට්ලන්ට් කොම්ශම
පෙන්වා දෙන්නේ තිරසර සංවර්ධනය යනු පවතින සංවර්ධන ආකෘතියට විකල්ප මාර්ගයන් ලෙසිනි.
එසේම මෙතෙක් පැවති ආකෘතියේ අස්ථීර හා අවිධිමත් බවක් ඊට විකල්පයක් වශයෙන් ද තිරසර
සංවර්ධනය හැදින්විය හැකි බවත්ය. පරිසර හා සංවර්ධනය පිළිබද ලෝක කොමිශම තිරසර
සංවර්ධනය යන්න අර්ථ දක්වා ඇත්තේ ස්වකීය අවශ්‍යතා සපුරාගන්නට අනාගත පරම්පරාවල
හැකියාවන්ට බාධක නොවනසේ වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය තිරසර සංවර්ධනය
ලෙසිනි
වත්මන් සංවර්ධන ආකෘතිය ඉහලට යොමු වු ආර්ථික වර්ධනය පහලට
යොමු වු පාරිසරික ගුණය හා අවගමනයට යොමු වු
ජීවිතයේ ගුණය යන ලක්ෂණ පෙන්නුම් කරයි. එහෙත් තිරසර සංවර්ධනය ඊට හාත්පසින්ම වෙනස්
වුවකි. මෙහි කේන්ද්‍රයේ සීමා හැදිනගත් සමාජ,
ආර්ථික, සුභ සාධනයත්, ඒ වටා
ඉන් ඇති කරන ජීවන ගුණයත්, ඒ සියල්ල පාරිසරික
සීමාවලින් වටවන ආකාරයට නිමාවන අයුරින් පෙන්වයි.
තිරසර සමාජයක ප්‍රධානම ලක්ෂණය ජන සංඛ්‍යාවේ ස්ථනික බවයි.
සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනය ඌණ සංවර්ධනයේ ලක්ෂණයක් වුවත් තිරසර සංවර්ධනයේ දී ජන සංඛ්‍යාව
ස්ථාවර වීම වැදගත් වේ. එසේම තිරසර සමාජයේ සාමාජිකත්වය මානවයාට පමණක්ම විවෘත නොවේ.
අනෙකුත් ජීවීන්ටද නිශ්චිත ස්ථානයක් හිමි විය යුතුය. ඒ සදහා පරිසර හා ජෛව විවිධත්වය
ආරක්ෂා කිරීම අනිවාර්ය වේ. නිශ්පාදනය කෙරේ දැවැන්ත විශ්වාසයක් ඇති මෙහි
කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වර්ධනය කිරීමට යොමු වු තාක්ෂණය අපේක්ෂා කරයි. එය පරිසර
හිතකාමී විය යුතුය. එසේම අපද්‍රව්‍ය කළමණාකරණයට ද
අවධානය යොමු විය යුතුය. තවද නෂ්‍ය වන සම්පත් භාවිතය සීමාකර යලි ඇති වන
සම්පත් වෙත යොමු විය යුතුය. මේ සීමාවන්ට අදාලව තිරසර සංවර්ධනය ස්වභාවධර්මය
සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය මෙසේ
අර්ථ දක්වයි.
“අනාගත පරපුරට සිය අපේක්ෂාවන් හා අවශ්‍යතාවන් ඉටු කර
ගැනීමට පවතින විභවතාව පවත්වාගෙන යන අතරම, වත්මන් පරපුරට ඉහලම තිරසර ප්‍රතිලාබ ලැබෙටන
අන්දමට මිනිසා විසින් ජෛව ගෝලය පරිහරණය කිරීම හා කළමණාකරණය තිරසර සංවර්ධනය වේ”
මේ අනුව ඌණ
සංවර්ධනයේ හා අධි සංවර්ධනයේ මැද පිහිටියා වුත්, භෞතික
සංවර්ධනය හා පරිසර සංරක්ෂණය පිළිබද චින්තන ධාරාවන්ගේ ඒක කේන්ද්‍රගත කිරීමක් ලෙසින්
ද තිරසර සංවර්ධනය හදුනාගත හැකි අතර, පැවති
සංවර්ධන ආකෘතියේ දුර්වලතා මග හරමින් දිගුකල් පවත්නා ස්ථීරසාර වුත්, පාරිසරික
සීමාවන්ට දරාගත හැකිවුත් සංවර්ධනයක් ලෙසින් තිරසර සංවර්ධනය හදුනාගත හැකිය.
ඌණ සංවර්ධනය - Undevelopment
Posted by Unknown
Posted on 1:36 AM
with 2 comments
ඌණ
සංවර්ධනය
වචනය දැක්ක ගමන්ම මතක් වෙන්නෙ
සෝමාලියාව වගේ අප්‍රිකානු
රටවල් නේද?
සෑම ජාතියක්ම, සෑම රටක්ම, සෑම
ප්‍රදේශයක්ම, සෑම නගරයක්ම, සෑම ගමක්ම, සෑම පුද්ගලයෙක්ම උත්සාහගන්නේ සංවර්ධනය
වෙන්න. ඒ කියන්නේ මුලු ලෝකයේම උත්සාහය සංවර්ධනය වීම. එතකොට මේ සියලුදෙනා
අසංවර්ධිතද? නැතිනම් ඌණ සංවර්ධනයේ පසුවන්නේද? නැත. සංවර්ධිතයින් තවතවත් සංවර්ධනය
වීමටත්, ඌණ සංවර්ධිතයින් ඒ පසුපස හඹායාමටත් ගන්නා උත්සාහය නිසයි මෙය සිදුවී
තිබෙන්නේ. කලින් සංවර්ධනය ගැන කතාකල නිසා මෙවර ඌණ සංවර්ධනය ගැන කතාකරමු.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ රටවල් දෙස බැලු විද්වතුන්ට
සමහර රටවල්වල ජනතාව උසස් ජීවන තත්ත්වයක් භුක්ති විදින ආකාරයත් අනෙක් රටවල් පහත්
ජීවන තත්ත්වයකට උරුමකම් කියන ආකාරයත් හදුනාගත හැකි විය. ඒ අනුව උසස් ජීවන
තත්ත්වයක් පැවති රටවල් සංවර්ධිත රටවල් ලෙසද පහත් ජීවන තත්ත්වයක් පැවති රටවල් සංවර්ධනය
වෙමින් පවතින රටවල් ලෙසද හදුන්වාදීමට විවිධ විද්වතුන් උත්සාහගන්නා ලදී. ඒ අනුව මෙම
සංවර්ධනය වෙමින් පැවති රටවල් සදහා උණ සංවර්ධිත රටවල්, අසංවර්ධිත රටවල්, පසුගාමී
රටවල්, දකුණේ රටවල් ආදී විවිධ නාම වලින්
හදුන්වාදීමට උත්සාහ ගෙන ඇත. ඌණ සංවර්ධනය යනු සංවර්ධනයේ පසුගාමී ලක්ෂණ පෙන්වීමට
යොදාගත් වචනයක් ලෙස හදුනා ගත හැකිය.
19 වන සියවසේ සිටම ඌණ සංවර්ධනය යන්න යොදා ගනු ලැබුවේ
සංවර්ධනයේ පසුගාමීත්වය, සංවර්ධනය කරා පිවිසීමට ඇති නොහැකියාව යනාදී ලක්ෂණ පෙන්නුම්
කිරීම උදෙසාය. එසේම ඌණ සංවර්ධනය මුල් කාලීනව බොහෝදුරට පාරිසරික නියතවාදය මගින්
පෙන්වා දුන්නේ මානව වාර්ගික හා පාරිසරික අවාසි හේතුකොට ගෙන සිදු වුවක් වශයෙනි.
නමුත් මෑත කාලීන ලක්ෂණ අනුව බලන විට ඌණ සංවර්ධනය ඇතිවී තිබෙන්නේ සංවර්ධනය වීමට ඇති
නොහැකියාව, පරාධීනතාව (වෙළදාම හා තාක්ෂණය), යටත් විජිතකරණය, යටත් විජිතහරණය, නව
යටත් විජිතවාදය මෙන්ම එක්සත් ජනපදය, සෝවියට් රුසියාව, චිනය අතර පැවති ශිතල යුද්ධයේ
අතුරුඵල යනාදී හේතු සාධක රාශියක බලපෑම තුලිනි.
ඌණ සංවර්ධනය හදුනාගැනීමට ප්‍රධාන සාධක කීපයක් යොදාගත
හැකිය. රටක ජන සංඛ්‍යා වර්ධන වේගය අධික වීම, ජන සංඛ්‍යාව අධික වීම, ඒක පුද්ගල
ආදායම අඩුවීම, සමාජ සංවර්ධනය අඩු වීම, දළ ජාතික ආදායමට කර්මාන්ත වලින් ලැබෙන
දායකත්වය අඩු වීම, ද්විතීක හා තෘතික සහ චාතුර්ථීක ආර්ථික කටයුතු වල සීමා සහිත බව
විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමෝපයන්ගේ නොදියුණු භාවය, ලෝක වෙළදාම තුල මෙම රටවල්
පසුගාමී වීම, හුදකලාබව, දරිදද්‍රතාව, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීයකරණය සදහා
ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව තොර වීම ආදී ඌණ සංවර්ධිත ලක්ෂණයන් හදුනාගත හැකිය.
ඌණ සංවර්ධනය සහිත ලෝකයේ ප්‍රධාන කලාප කීපයක් හදුනාගත
හැකි අතර ලතින් ඇමරිකානු කලාපය ඉන් එකකි. මේ කලාපයට මධ්‍යම ඇමරිකානු රටවල් සහ
දකුණු ඇමරිකානු රටවල් අයත් වන අතර වර්තමානය වන විට මේ කලාපය වේගවත් සංවර්ධන ගමනක
නිරතවිමේ පුතිඵලයක් ලෙස බ්‍රසීලය, මෙක්සිකෝව, ආජන්ටිනාව වැනි රටවල් කිහිපයක්ම නව
කාර්මික රටවල් ලෙස ඉදිරියට පැමිණ ඇත. තවත්
කලාපයක් ලෙස අප්‍රිකානු කලාපය හදුනාගත හැකි අතර අප්‍රිකානු මහද්වීපයේ දකුණු අප්‍රිකාව
හැර අනෙකුත් රටවල් මීට අයත් වේ. මේ කලාපයේ දරිදුතාව සංකේන්දුය වී පවතින අතර ඉතා
පසුගාමී ලක්ෂණ සහිත කලාපයක් ලෙස හදුනාගත හැකිය. අනෙක් කලාපය වන්නේ ආසියානු
කලාපයයි. මෙම කලාපයේ ජපානය සංවර්ධිත රටක් වන අතර චීනය, දකුණු කොරියාව, සිංගප්පුරුව,
තායිවානය, හොංකොං යනාදී රටවල් අයත් වන නැගෙනහිර හා අග්නිදිග ආසියානු රටවල් නව
කාර්මික රටවල් ලෙස ඉදිරියට ඒමත් දකුණු ආසියානු රටවල් පසු ගාමීත්වයක් පැවතීමක්
හදුනාගත හැකිය.
ලෝකයේ සමහර රටවල් සංවර්ධිත තත්ත්වයේ පසුවීමටත් අනෙක්
රටවල් අසංවර්ධිත වීමටත් බලපෑ හේතු ගණනාවකි. විශේෂයෙන්ම 19 සියවස වන විට මේ රටවල්
බොහොමයක් යටත් විජිත වශයෙන් පැවති අතර ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල්
බටහිර ජාතීන්ගේ අධිරාජ්‍යවල යටත්විජිත ලෙස පැවතුනි. බටහිර අධිරාජ්‍යවාදීන් වෙළද
පරමාර්ථ ඇතිව මෙම රටවල් යටත් කරගනු ලැබුවද පසුකාලීනව අරමුණ සංකීර්ණ වී මේ රටවල
පරිපාලනයට ද අධිරාජ්‍යවාදී රටවල් යොමු වු ආකාරය හදුනාගත හැකිය. ස්වභාවික සම්පත්
විභවතාවයකින් පැවති මෙම ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල් යටත් විජිත කරගැනීම
හේතුවෙන් බටහිර රටවලට විශේෂ වාසි අත් විය. වෙළදාමෙන් ලබන ලාභයට අමතරව යටත් විජිත
සියල්ලක්ම සුරා කෑමකට ලක් විය. සම්පත්, ධනය, ශ්‍රමය ආදී සියලු දේ බටහිර ජාතීන්
විසින් තම මව් රටවලට ගෙන ගිය අතර එමගින්
මව් රටවල් පෝෂණය කිරීමක් සිදු විය. මේ නිසා ධනයෙන්, බලයෙන්, දැනුමෙන් පෝෂණය වු
සුලුතරයක් වු බටහිර රටවල් සීඝ්‍ර සමාජ, ආර්ථික සංවර්ධනයක් ලබා ගනිමින් සංවර්ධිත
ජාතීන් බවට පත් වීමත් මෙතෙක් ස්වයංපෝෂිත ආර්ථික රටාවක සිටි යටත් විජිත පසුගාමී
සංවර්ධන ලක්ෂණ පෙන්නුම් කරන තත්ත්වයටත් පත් විය.
යටත් විජිතකරණය හේතුවෙන් යටත් විජිත රටවල මානසිකත්වයද
පසුගාමී ආකල්ප වලින් යුක්ත විය. මෙම පසුගාමී මානසිකත්වය හා ආකල්ප යටත් විජිත වලින්
නිදහස ලැබීමෙන් පසුවද සංවර්ධනය විමක් සිදුනොවු අතර ගෝලීයකරණය හරහා ඇති වු නව යටත්
විජිතවාදය මගින් මෙම ආකල්ප හා මානසිකත්වය තවතවත් පසුගාමී කර ඇත. මේ නිසා මෙම රටවල්
තාමත් බටහිර රටවලට අමු දුව්‍ය සපයන එම රටවල භාණ්ඩ සදහා වෙළදපොළ සපයන රටවල් බවට
පත්ව ඇත. ගෝලීයකරණය හරහා ධනවාදී රටවල් තම පැවැත්ම ස්ථාවර කරගනිමින් සංවර්ධනය වන
රටවල් ඒ හරහා යටත් විජිත කරගැනීමට උත්සාහ දරයි. ප්‍රබල රටවල් කීපයකට අවශ්‍ය පරිදි
සමස්ථ ලෝක ක්‍රියාවලියකම ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ඌණ සංවර්ධිත රටවල සියලු ක්‍රියාකාරකම්
බටහිර ජාතීන්ගේ මෙහෙයවීම මත සිදුවන ආකාරය හදුනාගත හැකිය. එසේම සංවර්ධන ක්‍රියාවලිය
තුලද බටහිර සංවර්ධන ආකෘතියම මේ රටවලට ගැලපීමට උත්සාහ ගන්නා අතර මේ නිසා සුලු
සංවර්ධනයක් මේ රටවල ඇති වුවත් ඊට වඩා අධික වේගයකින් බටහිර ජාතීන් සංවර්ධනව වේ. මේ
නිසා සංවර්ධන පරතරය ඉතා සීඝ්‍රව වර්ධනය වන
ආකාරය හදුනාගත හැකිය. ඇතැම් විද්වතුන් ඌණ සංවර්ධිත රටවල සංවර්ධන ගමන පාපැදියකින් සිදු කරන බවත් බටහිර ජාතීන් එය දුම්රියකින් සිදු කරන
බවත් දක්වන්නේ මෙම සංවර්ධන පරතරයේ වේගවත් වර්ධනය නිසාවෙනි.
එසේම මෙම ඌණ සංවර්ධිත රටවලට කිසිදා බටහිර ජාතීන් ලබා ඇති
සංවර්ධනය ලබා ගත හැකි දැයි ගැටලුවකි. බටහිර රටවල් ඔවුන්ගේ සංවර්ධනය ලබාගැනීමට
ලෝකයේ සම්පත් වලින් අඩක්ම භාවිතාකර ඇත. ඒ අනුව තෙවන ලොව රටවලට එම තත්ත්වය
ලබාගැනීමට අවශ්‍ය සම්පත් මෙලොව ප්‍රමාණවත් නොවන අතර, අසංවර්ධිත රටවලට සංවර්ධිත රටවල
තත්වය ලබාගැනීම සදහා තවත් මෙවැනි ග්‍රහලෝක හතක පමණ සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය බව
විද්වත් මතය වී ඇත. එසේම ඌණ සංවර්ධිත රටවල සිටින අධික ජන සංඛ්‍යාව, වේගවත් ජන සංඛ්‍යා
වර්ධනය, ජන සංඛ්‍යාවේ මානව සංවර්ධනයේ පහත් බව, නවීන විදාත්මක හා තාක්ෂණික දැනුමේ
හිගකම, ප්‍රාග්ධනය හිගකම වැනි ගැටලු නිසා ඌණ සංවර්ධනය තවතවත් වර්ධනය වන ආකාරයත්
සංවර්ධන පරතරය වර්ධනය වන ආකාරයත් හදුනාගත හැකිය.


