Home » » තිරසර සංවර්ධනය - Sustainable Development

තිරසර සංවර්ධනය - Sustainable Development



තිරසර සංවර්ධනය





ඌණ සංවර්ධනය හා අධි සංවර්ධනය  යන අන්ත දෙකම පාරිසරික හානි වර්ධනය කරයි. මෙතෙක් අනුගමනය කල සංවර්ධන ආකෘතිය තුල පරිසරය පිළිබදව වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා මිනිසා විශාල වශයෙන් ඉන් පීඩාවට පත් වීමත්, මෙතෙක් අනුගමනය කල සංවර්ධන ආකෘතියේ ස්ථාවර වු අවසානයක් නොමැති වීමත් හදුනා ගැනීමට විද්වතුන්ට හැකියාව ලැබුනි. ස්වභාවික සම්පත් සීඝ්‍රයෙන් පරිභෝජනය කිරීම හේතුවෙන් අනාගත පරපුර සදහා සම්පත් හිගවීමේ අවධානමට මුහුණ දීමට සිදුවන ආකාරය හදුනාගත හැකි විය. එසේම පවතින සංවර්ධන ආකෘතිය අනුව සම්පත් පාරිභෝජනයේ අතුරුඵලයක් වන අපද්‍රව්‍ය මගින් පරිසරයේ දරාගැනීමේ හැකියාව ඉක්මවා යන අකාරයක්ද හදුනාගත හැකි විය. මේ නිසා පවතින සංවර්ධන ආකෘතිය ගැටලු සහගත බවත් නව සංවර්ධන ආකෘතියක අවශ්‍යතාවන් නොයෙක් ආයතන විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබීය.

මේ වන විට සංවර්ධනය පිළිබද ප්‍රතිවිරුද්ධ වු චින්තන ධාරාවක් දෙකක් ක්‍රියාත්මක විය. එනම්,
මානව කේන්ද්‍රගත හා භාණ්ඩමය වු භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව   හා
ජෛව කේන්ද්‍රගත පරිසර සංරක්ෂණය පිළිබද චින්තන ධාරාව 
වෙන වෙනම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වු චින්තන ලෙස පැවතුනි. ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යොමු වු මෙම චින්තන ධාරාවන් දෙක එක් මගකට යොමු කිරීම, ඒක කේන්ද්‍රගත කිරීමේ අවශ්‍යතාව යන යථාවබෝධය තිරසර සංවර්ධන සංකල්පයේ බීජාංකුරය බිහිවීමේ නිමිත්ත විය. අනිවාර්යයෙන් වියයුතු ආර්ථික වර්ධනයත්, පරිසරයේ තිබියයුතු තිරසර බවත් යන දෙකෙහි අත්‍යාවශ්‍යවු ඒකාබද්ධ කිරීමක් තිරසර සංවර්ධන සංකල්පයේ කේන්ද්‍රයේම පවතින්නකි. ආර්ථික සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය එකිනෙකින් පෝෂණය වන තත්ත්වයක් ඇතිකල යුතු බවත්, ඒ සදහා ලෝකය පුරාම රැඩිකල් වෙනසක් ඇතිකල යුතු බවත් අවධාරණය විය. මේ සදහා තිරසර සංවර්ධන සංකල්පය භාවිතාකරන්නට පෙළබවීමට ‍ ලොව විද්වතුන් උත්සාහ ගන්නා ලදී. මෙම සංකල්පය තුලින් පැරණි සංවර්ධන ආකෘතියේ අඩුලුහුඩුකම් මග හරවා ගනිමින් පරිසරය ගැන විශේෂ අවධානයක් දක්වමින් සාමානාත්මකතාව සහ ඉදිරි පරපුර ගැන අවධානයෙන් යුතුව සංකල්පය නිර්මානය කර ඇත.

පරිසරය සංවර්ධනය කිරීමේ ලෝක සංවිධානය දක්වන ආකාරයට තිරසර සංවර්ධයේ මුලික අරමුණ වන්නේ මුලික මිනිස් අවශ්‍යතාවයන් තෘප්ත කිරීමත් ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමත්, පරිසරය ආරක්ෂා කිරීමත් සමගම නිෂ්පාදන වර්ධනය කිරීමත්ය.

එලියම් ජැනිෆර් (1994) දක්වන ආකාරයට රටක තිරසර සංවර්ධනයක් ඇති කිරීමේදී මුලිකාංග කීපයක් තිබිය යුතු බව දක්වයි. ඒවා නම්
01.  ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ජනතාවගේ සහභාගීත්වය ලබා ගැනීම

02. එම ආර්ථික පද්ධතිය රටෙහි අයහපත් ප්‍රතිඵල ඇති කරන්නක් නොවිය යුතුය.

03. පරිසරය ආරක්ෂා කිරීමේ පදනම මත සකස් වු නිශ්පාදන පද්ධතියක් තිබීම.

04. පරිසරය ආරක්ෂා වන ක්‍රමයේ තාක්ෂණ පද්ධතියක් තිබීම

05. නම්‍යශීලී තීරණ ගැනීමේ පරිපාලන පද්ධතියක් තිබීම

පියර්ස් සහ සගයන්ගේ අධ්‍යයනයට අනුව පෙන්වා දෙන්නේ තිරසාර සංවර්ධන සංකල්පය වත්මත් සංවර්ධන ආකෘතියේ නවීකරණයක් බවයි. එසේම බෘන්ට්ලන්ට් කොම්ශම පෙන්වා දෙන්නේ තිරසර සංවර්ධනය යනු පවතින සංවර්ධන ආකෘතියට විකල්ප මාර්ගයන් ලෙසිනි. එසේම මෙතෙක් පැවති ආකෘතියේ අස්ථීර හා අවිධිමත් බවක් ඊට විකල්පයක් වශයෙන් ද තිරසර සංවර්ධනය හැදින්විය හැකි බවත්ය. පරිසර හා සංවර්ධනය පිළිබද ලෝක කොමිශම තිරසර සංවර්ධනය යන්න අර්ථ දක්වා ඇත්තේ ස්වකීය අවශ්‍යතා සපුරාගන්නට අනාගත පරම්පරාවල හැකියාවන්ට බාධක නොවනසේ වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය තිරසර සංවර්ධනය ලෙසිනි

වත්මන් සංවර්ධන ආකෘතිය ඉහලට යොමු වු ආර්ථික වර්ධනය පහලට යොමු වු පාරිසරික ගුණය හා අවගමනයට යොමු වු ජීවිතයේ ගුණය යන ලක්ෂණ පෙන්නුම් කරයි. එහෙත් තිරසර සංවර්ධනය ඊට හාත්පසින්ම වෙනස් වුවකි. මෙහි කේන්ද්‍රයේ සීමා හැදිනගත් සමාජ, ආර්ථික, සුභ සාධනයත්, වටා ඉන් ඇති කරන ජීවන ගුණයත්, ඒ සියල්ල පාරිසරික සීමාවලින් වටවන ආකාරයට නිමාවන අයුරින් පෙන්වයි.

තිරසර සමාජයක ප්‍රධානම ලක්ෂණය ජන සංඛ්‍යාවේ ස්ථනික බවයි. සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනය ඌණ සංවර්ධනයේ ලක්ෂණයක් වුවත් තිරසර සංවර්ධනයේ දී ජන සංඛ්‍යාව ස්ථාවර වීම වැදගත් වේ. එසේම තිරසර සමාජයේ සාමාජිකත්වය මානවයාට පමණක්ම විවෘත නොවේ. අනෙකුත් ජීවීන්ටද නිශ්චිත ස්ථානයක් හිමි විය යුතුය. ඒ සදහා පරිසර හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අනිවාර්ය වේ. නිශ්පාදනය කෙරේ දැවැන්ත විශ්වාසයක් ඇති මෙහි කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වර්ධනය කිරීමට යොමු වු තාක්ෂණය අපේක්ෂා කරයි. එය පරිසර හිතකාමී විය යුතුය. එසේම අපද්‍රව්‍ය කළමණාකරණයට ද  අවධානය යොමු විය යුතුය. තවද නෂ්‍ය වන සම්පත් භාවිතය සීමාකර යලි ඇති වන සම්පත් වෙත යොමු විය යුතුය. මේ සීමාවන්ට අදාලව තිරසර සංවර්ධනය ස්වභාවධර්මය සංරක්ෂණය  කිරීමේ ජාත්‍යන්තර සංගමය මෙසේ අර්ථ දක්වයි.

“අනාගත පරපුරට සිය අපේක්ෂාවන් හා අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට පවතින විභවතාව පවත්වාගෙන යන අතරම, වත්මන් පරපුරට ඉහලම තිරසර ප්‍රතිලාබ ලැබෙන අන්දමට මිනිසා විසින් ජෛව ගෝලය පරිහරණය කිරීම හා කළමණාකරණය තිරසර සංවර්ධනය වේ”

මේ අනුව ඌණ සංවර්ධනයේ හා අධි සංවර්ධනයේ මැද පිහිටියා වුත්, භෞතික සංවර්ධනය හා පරිසර සංරක්ෂණය පිළිබද චින්තන ධාරාවන්ගේ ඒක කේන්ද්‍රගත කිරීමක් ලෙසින් ද තිරසර සංවර්ධනය හදුනාගත හැකි අතර, පැවති සංවර්ධන ආකෘතියේ දුර්වලතා මග හරමින් දිගුකල් පවත්නා ස්ථීරසාර වුත්, පාරිසරික සීමාවන්ට දරාගත හැකිවුත් සංවර්ධනයක් ලෙසින් තිරසර සංවර්ධනය හදුනාගත හැකිය.







Written by : Your Name - Describe about you

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non erat fermentum varius eget at elit. Suspendisse vel mattis diam. Ut sed dui in lectus hendrerit interdum nec ac neque. Praesent a metus eget augue lacinia accumsan ullamcorper sit amet tellus.

Join Me On: Facebook | Twitter | Google Plus :: Thank you for visiting ! ::

0 comments:

Post a Comment