Home » » සංවර්ධනය - Development

සංවර්ධනය - Development


අපි හැමෝම දන්නවා යැයි හිතන 
ඒත් 
නිර්වචනය කරන්න ගියාම අමාරුවේ වැටෙන 
වචනයක් තමා සංවර්ධනය. 
ඇත්තටම මොකක්ද මේ සංවර්ධනය?




සංවර්ධනය යනු කුමක්දැයි නිර්වචනය කිරීමේදී විවිධ පුද්ගලයන්, විවිධ ආයතන විවිධාකා‍රයෙන් එය අර්ථ දක්වනු ලබති. සංවර්ධනය යන්න ක්‍රියාවලියක් වන අතර සරලව එහි  අර්ථය ගෙන බලන විට පැහැදිලි වන්නේ යම් රටක, ප්‍රදේශයක හෝ ගෝලිය වශයෙන් පුද්ගලයන්ගේ පවතින තත්ත්වයේ සාමාජීය, ආර්ථික, දේශපාලන අංශවල ඇතිවන යහපත් මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනය,  “සංවර්ධනය” වන බවකි. සංවර්ධනය යන්නට ඩඩ්ලි සියර්ස් දක්වා ඇති පරිදි රටක දුප්පත්කම අඩු වී ඇත්ද? එම ‍රටෙහි අසමානතාව අඩු වී තිබේද? එම රටෙහි සේවා වියුක්තිය අඩු වී තිබේද? එසේනම් එවැනි රටක් සංවර්ධිත රටක් වේ. මෙයට අමතරව ‍යම් රටක ජීවත්වන සෑම පවුලක් සදහාම ප්‍රමාණවත් ආදායමක් තිබීම, එම පවුලේ වැඩකලහැකි සෑම පුද්ගලයෙකුටම ජිවනෝපාය මාර්ගයක් හෝ රැකියාවක් තිබීම, එම පවුලේ සාමාජිකයන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවක් තිබීම, රජයේ සංවර්ධන ක්‍රියාවලියේදී ජනතාවට ඒ සදහා තීරණගැනීමේ ඉඩකඩ ලබාදිම හා එම රට ජාතියක් වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට හැකියාවක් ඇත්නම් එවැනි තත්ත්වයක් සංවර්ධනය ලෙස සියර්ස් අර්ථ දක්වයි.

ජාතික හා ප්‍රාදේශීය වශයෙන් ඇති කර ගන්නා වු ප්‍රගතියේ අරමුණක් ලෙස එය පිළිගත් සංකල්පයක් වන අතර ඒ හා සම්බන්ධ වන අගයන්, ප්‍රමිතීන් හා අරමුණු සම්බන්ධ වු අවධාරණය ජාතීන්ගෙන් ජාතීන්ට හෝ කණ්ඩායමෙන් කණ්ඩායමට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් නිශ්චිත අර්ථකථනයක් ලබා දිම අපහසු වේ. කෙසේ වෙතත් එහි අදහස පොදු එකගතාවයකට යොමු කර ගත හැකිය. එහිදී මුලික දරිදුතාවය දුරලීම, ප්‍රමාණවත් පරිදි ‍රැකියා සම්පාදනය, සමාජ අසමානතාවය දුරලීම වැනි අරමුණු මෙහිදී පොදු වන අතර ඇතමුන් මෙම නිර්ණායකයන් නව පුලුල් වු දේශපාලනික නිදහස හා සාමාජීය සාධාරණත්වය යන අංශයන් වෙතද සංවර්ධනයේ අරමුණු නැඹුරු කරවති.

ඒ අනුව සංවර්ධනය යනු හුදෙක් භෙතික හෝ කාණ්ඩමය ප්‍රගතියන්ට නොව ඉන් ඔබ්බට ගිය ප්‍රසංචයක් ලෙස හදුනාගත හැකිය. ඒ අනුව සංවර්ධනය යන්න හදුනා ගනුයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සාමාජයේ සංවර්ධනයක් ඇතිකරවන බහු දර්ශණිය වු ක්‍රියාවලියක් ලෙසිනි. එසේම එය සාමාජීය, ආර්ථික, පරිපාලනමය හා අවකාශීය සංවිධානයන් පිළිබද ක්‍රියාකාරිත්වයේ මුලික වෙනස්කම් ඇතිකරවන්නකි. ඉතා දැඩි සාමාන්‍යකරණයට ලක්කරන්නේනම් සංවර්ධනය යනු මිනිසාගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ලෙස හදුනාගත හැකිය.

සංවර්ධනය යන්නට කුමන අර්ථ නිරූපනයන් ලබා දුන්නද කුමන දර්ශනයක් ඔස්සේ මනිනු ලැබුවද මානව සංහතියේ සමාජ, ආර්ථික ප්‍රගතිය ඉන් ප්‍රකාශ විය යුතුය. එය කිසියම් සමාජ ස්ථරයකට හෝ කිසියම් කණ්ඩායමකට හෝ කිසියම් ප්‍රදේශයකට හෝ සීමා නොවී සමස්ථ සමාජයේ සියලු දෙනා අතරට ගිය සමාජ සාධාරණත්වයකින් යුක්ත විය යුතුය. තෙවන ‍ලොව ඇති දරිදුතාව එහිදී සැලකිල්ලට ගත යුතුය. අවකාශීය ලෙස සමානව පැතිරිය යුතුය. වත්මනට පමණක් නොව අනාගත පරපුර ගණනාවකටම සාධාරණ ලෙස සිට උරුමය භුක්ති විදීමට ඇති අයිතිය පැහැර නොහරින්නන් විය යුතුය. එය නොවැලැක්විය හැකි අවම හානියක් පමණක් පරිසරයට සිදු කරන පරිසරයේ තිරස්ථීතය සම්බන්ධයෙන් ගැඹුරු සැලකිල්ලක් දක්වන්නන් විය යුතුය. මේ සියලු කාරණා මේ තුල පිළිඹිබු වීම ඉතාමත් වැදගත් වේ.

මෙයාකාරය‍ට සංවර්ධනය හදුනාගත හැකි වුවද මුල්කාලීනව සංවර්ධනය ලෙස දක්වා ඇත්තේ ආර්ථීක වෘද්ධිය එනම් ආර්ථික වර්ධනය පමණි. එකල බොහෝ විට සංවර්ධනය භෞතික හා භාණ්ඩමය ප්‍රගතියක්, වර්ධනයක් ලෙස සලකන ලද අතර සංවර්ධනය මැනීමට විශාල වශයෙන් භාවිතා කරන ලද්දේ ඒක පුද්ගල ආදායම හා දළ දේශීය නිශ්පාදිත‍යේ වර්ධන වේගයයි. පසුව මේ අර්ථය වෙනස් වී සමාජ සංවර්ධනයද මීට ඇතුල් විය. ඒ අනුව ආර්ථික හා සාමාජීය වර්ධනය සංවර්ධනය ලෙස පිළිගැනීමට බොහෝ විද්වතුන් උත්සාහ ගන්නා ලදී. ඉන් පසුව මානව සම්පත් සංවර්ධනය එනම් මානුෂ සංවර්ධනය හා පාරිසරිය සංවර්ධනය යන සංතල්ප එක්වී සංවර්ධනය යන්න වඩාත් පෝෂණය විය. ඉන්පසු එය තිරසර සංවර්ධනය ලෙස සියලු අංශයන්ගේ එක්විමක් තුලින් නව සංවර්ධන ප්‍රවේශයක් ඇති විය. මෙලෙස කාලීන වශයෙන් සංවර්ධන සංකල්පය වෙනස් විමට හේතුවුයේ සංවර්ධනය ලෙස පිළිගත් සංකල්පයන්ගෙන් නියමාකාර සංවර්ධනයක් ඇති නොවීමටත් එය සෑමදාකටම පොදු වු සංකල්පයක් හා ප්‍රායෝගික පැවැත්මක් සහතික කරලීමටත් හැකියාවක් නොපැවති බැවිනි. ඒ අනුව අවසානයේ තිරසර සංවර්ධන ප්‍රවේශය සංවර්ධන සංකල්පයට නිසි අර්ථයක් ලබා දිමට සමත් වී ඇත.


Written by : Your Name - Describe about you

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam id libero non erat fermentum varius eget at elit. Suspendisse vel mattis diam. Ut sed dui in lectus hendrerit interdum nec ac neque. Praesent a metus eget augue lacinia accumsan ullamcorper sit amet tellus.

Join Me On: Facebook | Twitter | Google Plus :: Thank you for visiting ! ::

26 comments:

  1. reference එක්කම ලිව්වවනම් ගොඩක් හොදයි..මේවා academic වලටත් ගොඩ දෙනෙක් කියවනවා ඒ නිසා..නිර්වචන දානකොට ඒ තැන්වලට දමන්න...

    ReplyDelete
    Replies
    1. එතකොට මේකෙ reference එක කෝමද ලියන්නෙ කියන්නකො plz

      Delete
  2. සමාජ සංවර්දනය,මානව සංවර්දනය,සමාජ සුබසාධනය කියන්නේ එකම මාතෲකාවක්ද.පැහැදිලිව විස්තතරකරල දෙනවද

    ReplyDelete
  3. Very important to new learners ..Thank you!!

    ReplyDelete
  4. ඉතා වැදගත් කරුණු රාශියක් දැන ගත්තා..ස්තුතියි!

    ReplyDelete
  5. ඉතා වැදගත් කරුණු රාශියක් දැන ගැනීමට ලැබීම සතුටුයි..Thank you very much!

    ReplyDelete
  6. සංවර්ධනය පිළිබඳ මහත්මා ගාන්ධිතුමන්ගේ නිර්වචනය ගැන දැන ගන්න පුලුවන්ද ?

    ReplyDelete